නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ජාතික අවශ්‍යතාවයට දායක වූ නාවිකයින් හට නාවික හමුදාපති විසින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය කෙරේ

පසුගිය සති දෙකක කාලය තුළ දී මන්නාරම මුහුදු සීමාවෙන් මෙරටට ගෙන ඒමට උත්සහ දැරූ නීති විරෝධී කේරළ ගංජා විශාල තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා දායක වූ නාවික පුද්ගලයින් හට ‍නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය කිරීම පූනෑව නාවික හමුදා කඳවුරේදී අද (ජූලි 19) දින සිදු විය. ‍නාවික හමුදාධිපතිතුමන් උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරතවූ අවස්ථාවේ දී මෙම ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය සිදු කෙරිණි.

20 Jul 2015

ආරක්ෂක ලේකම් නාගදීපයේ සංචාරයක නිරත වේ

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බීඑම්යූඩී බස්නායක මහතා උතුරු ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුර ඓතිහාසික නාගදීප රජ මහා විහාරය ජූලි මස 19 වන දින වැඳ පුදා ගත්තේය.

20 Jul 2015

ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

සුහදතාවය වර්ධනය කර ගැනීම සහ සේවා ලබා ගැනීම සදහා ජපන් නාවික හමුදාවට අයත් “අකිසුකි” සහ “සවගිරි” යන නෞකා දෙක අද දින (2015 ජූලි 19) කොළඹ වරායට සේන්දු විය.

19 Jul 2015

නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ පත්කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ඩබ්ඩබ්වී, ආර්ඩබ්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, ඒඕඩබ්සී 2015 ජූලි මස 11 වන දින සිට ශ්‍රි ලංකා ප්රඩජාතාන්ත්රිුක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත.

18 Jul 2015

හදිසි රිය අනතුරකින් මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්

පසුගිය 13 වන දින හදිසි රිය අනතුරකින් මියගිය සාමාන්‍ය නැවි පීජීඑස් සම්පත් වෙනුවෙන් නාවික හමුදා ˝නැවිරුසවිය˝ සුවසහන අරමුදලින් රුපියල් මිලියනයක මුදලක් නාවිකයාගේ බිරිඳට ලබාදීම අද දින (17) ඔහුගේ නිවසේදී සිදුවිය.

17 Jul 2015

නව නාවික හමුදාපති යුද හමුදාපති හමුවෙයි

නව නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජූලි 16) යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා හමුවිය.

16 Jul 2015

නව නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

නව නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී අද දින (ජූලි 16) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමුවිය.

16 Jul 2015

ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීමට නාවික හමුදාවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහන්

නව නාවික හමුදාපතිවරයා ලෙස පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න මහතාගේ මගපෙන්වීම මත ජාතීන් අතර එකමුතු බව හා සහයෝගය වර්ධනය කිරීමේ අරමුණින් දමිළ හා මුස්ලිම් ජනයා උදෙසා ප්‍රජා සත්කාරක වැඩසටහන් කිහිපයක් පසුගියදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංවිධානය කෙරිණි.

15 Jul 2015

නව නාවික හමුදාපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාවේ 20 වන නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජූලි 14) ආරක්ෂක ලේකම් බීඑම්යූඩී බස්නායක මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී හමුවිය.

14 Jul 2015

නව නාවික හමුදාපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාවේ 20 වන නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජූලි 14) අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවිය.

14 Jul 2015