නව නාවික හමුදාපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වන නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජූලි 14) ආරක්ෂක ලේකම් බීඑම්යූඩී බස්නායක මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී හමුවිය. නාවික හමුදාධිපතිතුමන් ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්තුමන් හමුවූ පළමු අවස්ථාව මෙයයි.

මෙහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් පළමු නිල හමුව සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම්තුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රධානය කරන ලදී.