නාවික හමුදාව 2021 වර්ෂයේදී සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

දැයේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම උදෙසා සුවිශාල දායකත්වයක් දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව, 2021 වර්ෂයේදී පමණක් මෙරට සාගරික වපසරිය තුළ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමකින් යුත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

31 Dec 2021

රුපියල් මිලියන 26කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 දෙසැම්බර් මස 30 වන දින අළුයම මුලතිවු පුදුකුඩුඉරිප්පු, සුහන්දිරපුරම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 89 ග්‍රෑම් 200ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

31 Dec 2021

රුපියල් මිලියන 155කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 517ක පමණ තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 දෙසැම්බර් මස 23 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අවස්ථා දෙකකදී පිළිවෙලින්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 355කට අධික තොගයක් සහ කිලෝ ග්‍රෑම් 162 කට අධික තොගයක් සැකකරුවන් දෙදෙනෙකු (02) ද සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Dec 2021

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ 2021 දෙසැම්බර් මස 20 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 13ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Dec 2021

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරමට දකුණු දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 12ක් අද (2021 දෙසැම්බර් 19) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 Dec 2021

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ගිණිකොන දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 43ක් 2021 දෙසැම්බර් මස 18 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 Dec 2021

ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව මඟින් අත්අඩංගුවටගත් රුපියල් මිලියන 2509 කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය රැගත් විදේශීය යාත්‍රාව සහ සැකකරුවන් ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 2509 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996ක තොගය (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 06 දෙනා අද (2021 දෙසැම්බර් 15) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එය නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

15 Dec 2021

මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් තවත් විදේශිය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක්‍ මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් විදෙස් සැකකරුවන් 06 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

11 Dec 2021

තවත් කේරළ ගංජා තොගයක් පේදුරු තුඩුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, තුම්පලායි වෙරළ ප්‍රදේශයේ 2021 දෙසැම්බර් මස 06 වන දින රාත්‍රියේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝ 23 ග්‍රෑම් 600ක (තෙත බර සහිත) පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

07 Dec 2021

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙවුන්දර සිට නාවික සැතපුම් 60 ක් පමණ (කිලෝමීටර් 111 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ (Kendu Leaves) කිලෝ 5645 ග්‍රෑම් 500ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු සහ බහුදින ධීවර යාත්‍රාවක් 2021 දෙසැම්බර් 06 දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

07 Dec 2021