නව නාවික හමුදාපති යුද හමුදාපති හමුවෙයි

නව නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජූලි 16) යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා හමුවිය. මෙහිදී යුද හමුදාපතිතුමන් විසින් තම ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් නාවික හමුදාපතිතුමා හට හඳුන්වා දෙනු ලැබීය.

මෙහිදී යුද හමුදාධිපතිතුමන්, විජේගුණරත්න මහතා හට ඉදිරි කටයුතු වලදී තම නොමද සහයෝගීත්වය ලබාදෙන බව සඳහන් කර සිටි අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.