නව නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

නව නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී අද දින (ජූලි 16) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමුවිය.

මෙහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් සුහද පිළිසඳරක නිරත වූ අතර, නව පත්වීම පිළිබඳ ගුණතිලක මහතා නාවික හමුදාපතිතුමන් හට සිය සුභපැතුම් ද එක් කර සිටියේය.

පළමු නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.