ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය වශයෙන් කටයුතු කරන රොබින් මූඩී මහත්මිය අද දින (ජූලි 24) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

24 Jul 2015

ඉඳුරාම බඳවාගත් නාවික නිලධාරීන් 20 දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යති

2015 පළමු බඳවා ගැනීමට අයත් ඉඳුරාම බඳවාගත් නිලධාරීන් 20 දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අද දින (ජූලි 24) විසිර ගියහ.

24 Jul 2015

උතුරු මුහුදේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාව සහයවේ

අද (ජූලි 23) උදෑසන ඩෙල්ෆ් දූපතට නාවික සැතපුම් 8.5ක් පමණ උතුරින් වූ මුහුදු සීමාවේදී යාන්ත්‍රික දෝෂයකට ලක්වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් සිව්දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සහය විය.

24 Jul 2015

ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ජ්‍යේෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් මහතා අද දින (ජූලි 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

23 Jul 2015

ශ්‍රී ලංකාවේ ඉන්දීය සහ පෝලන්ත ආරක්ෂක උපදේශකයින් නාවික හමුදාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා සහ ශ්‍රී ලංකාවේ පෝලන්ත ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ස්ලැවෝමියර් කොල්ටුන් මහතා අද දින (ජූලි 22) කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

22 Jul 2015

නව මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කරන ලද රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (ජූලි 22) දින නාවික හමුදා මූලස්ථානයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිය රාජකාරීන් සුභ මො‍හොතින් ආරම්භ කළ අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවී සිය ධූරයේ බලතල ඇතුළත් ලිපිය ලබා ගත්තේය.

22 Jul 2015

රථ වාහන දුම් පරීක්ෂාව හා එහි වැදගත්කම පිළිබඳ එක්දින පුහුණු වැඩ මුළුව

ශ්‍රි ලංකා නාවික හමුදා ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් වාහන දුම් පරීක්ෂාව හා එහි වැදගත්කම පිළිබඳ එක් දින පුහුණු වැඩමුළුවක් කොළඹ ශ්‍රි ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී ජූලි මස 21 දින පැවැත්විය.

22 Jul 2015

නව නාවික හමුදාපති ගුවන් හමුදාපති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ගුවන් හමුදා මූලස්ථානයේදී අද දින (ජූලි 22) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවූ අතර, එහිදී ගුවන් හමුදා සම්මාන ආචාරයකින් නාවික හමුදාපතිතුමන් පිළිගන්නා ලදී.

22 Jul 2015

නාවික හමුදා පළමු යුනිෆයිට් ක්‍රීඩා තරගාවලිය ත්‍රීකුණාමල නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව නිමාවට පත්වේ

යුනිෆයිට් ක්‍රීඩා සංගමයේ සභාපතිතුමාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කෙරුණු නාවික හමුදා පළමු යුනිෆයිට් ක්‍රීඩා තරගාවලිය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ක්‍රීඩාගාරයේදී පසුගිය ජූලි මස 18 වන දින සාර්ථකව නිමාවට පත්විය.

21 Jul 2015

නව නාවික හමුදාපති තුමන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් හමුවී ආශිර්වාද ලබාගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු අද දින (ජූලි 20) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

21 Jul 2015