ශ්‍රී ලංකාවේ ඉන්දීය සහ පෝලන්ත ආරක්ෂක උපදේශකයින් නාවික හමුදාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා සහ ශ්‍රී ලංකාවේ පෝලන්ත ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ස්ලැවෝමියර් කොල්ටුන් මහතා අද දින (ජූලි 22) කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර  විජේගුණරත්න මහතා හමුවිය.

මෙහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් හා සුහද කථාබහක නිරතවූ ආරක්ෂක උපදේශකයින් දෙදෙනා නව නාවික හමුදාපතිවරයා හට සුභපතමින් සිය උපරිම සහයෝගය ලබාදෙන බව ද ප්‍රකාශ කළේය.

නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළින හුවමාරුවක් ද සිදුවිය.