ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ජ්‍යේෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් මහතා අද දින (ජූලි 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

එහිදී නව පත්වීම් ලද නාවික හමුදාධිපතිතුමන් හට සිය සුභ පැතුම් එක් කළ කර්නල් ලී මහතා අන්න්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් හා සුහද කථාබහක නිරත විය.

මෙම නිල හමුව සනිටුහන් කරමින් ආරක්ෂක උපදේශක කර්නල් ලී මහතා හා නාවික හමුදාධිපතිතුමන් අතර සමරු තිළින හුවමාරුවක් ද සිදුවිය.