නව මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කරන ලද රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (ජූලි 22) දින නාවික හමුදා මූලස්ථානයේදී මහා සංඝ රත්නයේ ආශිර්වාද මැද සිය රාජකාරීන් සුභ මො‍හොතින් ආරම්භ කළ අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවී සිය ධූරයේ බලතල ඇතුළත් ලිපිය ලබා ගත්තේය.

රියර් අද්මිරාල් රණසිංහ මහතා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්වීමට පෙර එම ධූරයේ රාජකාරීන් සිදුකළේ වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වන අතර,  රණසිංහ මහතා මීට පෙර ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කරන ලදී.