ශ්‍රී ලංකාවේ ඉන්දීය සහ පෝලන්ත ආරක්ෂක උපදේශකයින් නාවික හමුදාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා සහ ශ්‍රී ලංකාවේ පෝලන්ත ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ස්ලැවෝමියර් කොල්ටුන් මහතා අද දින (ජූලි 22) කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

22 Jul 2015

නව මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කරන ලද රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (ජූලි 22) දින නාවික හමුදා මූලස්ථානයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිය රාජකාරීන් සුභ මො‍හොතින් ආරම්භ කළ අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවී සිය ධූරයේ බලතල ඇතුළත් ලිපිය ලබා ගත්තේය.

22 Jul 2015

රථ වාහන දුම් පරීක්ෂාව හා එහි වැදගත්කම පිළිබඳ එක්දින පුහුණු වැඩ මුළුව

ශ්‍රි ලංකා නාවික හමුදා ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් වාහන දුම් පරීක්ෂාව හා එහි වැදගත්කම පිළිබඳ එක් දින පුහුණු වැඩමුළුවක් කොළඹ ශ්‍රි ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී ජූලි මස 21 දින පැවැත්විය.

22 Jul 2015

නව නාවික හමුදාපති ගුවන් හමුදාපති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ගුවන් හමුදා මූලස්ථානයේදී අද දින (ජූලි 22) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවූ අතර, එහිදී ගුවන් හමුදා සම්මාන ආචාරයකින් නාවික හමුදාපතිතුමන් පිළිගන්නා ලදී.

22 Jul 2015

නාවික හමුදා පළමු යුනිෆයිට් ක්‍රීඩා තරගාවලිය ත්‍රීකුණාමල නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව නිමාවට පත්වේ

යුනිෆයිට් ක්‍රීඩා සංගමයේ සභාපතිතුමාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කෙරුණු නාවික හමුදා පළමු යුනිෆයිට් ක්‍රීඩා තරගාවලිය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ක්‍රීඩාගාරයේදී පසුගිය ජූලි මස 18 වන දින සාර්ථකව නිමාවට පත්විය.

21 Jul 2015

නව නාවික හමුදාපති තුමන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් හමුවී ආශිර්වාද ලබාගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු අද දින (ජූලි 20) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

21 Jul 2015

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ජාතික අවශ්‍යතාවයට දායක වූ නාවිකයින් හට නාවික හමුදාපති විසින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය කෙරේ

පසුගිය සති දෙකක කාලය තුළ දී මන්නාරම මුහුදු සීමාවෙන් මෙරටට ගෙන ඒමට උත්සහ දැරූ නීති විරෝධී කේරළ ගංජා විශාල තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා දායක වූ නාවික පුද්ගලයින් හට ‍නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය කිරීම පූනෑව නාවික හමුදා කඳවුරේදී අද (ජූලි 19) දින සිදු විය. ‍නාවික හමුදාධිපතිතුමන් උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරතවූ අවස්ථාවේ දී මෙම ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය සිදු කෙරිණි.

20 Jul 2015

ආරක්ෂක ලේකම් නාගදීපයේ සංචාරයක නිරත වේ

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බීඑම්යූඩී බස්නායක මහතා උතුරු ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුර ඓතිහාසික නාගදීප රජ මහා විහාරය ජූලි මස 19 වන දින වැඳ පුදා ගත්තේය.

20 Jul 2015

ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

සුහදතාවය වර්ධනය කර ගැනීම සහ සේවා ලබා ගැනීම සදහා ජපන් නාවික හමුදාවට අයත් “අකිසුකි” සහ “සවගිරි” යන නෞකා දෙක අද දින (2015 ජූලි 19) කොළඹ වරායට සේන්දු විය.

19 Jul 2015

නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ පත්කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ඩබ්ඩබ්වී, ආර්ඩබ්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, ඒඕඩබ්සී 2015 ජූලි මස 11 වන දින සිට ශ්‍රි ලංකා ප්රඩජාතාන්ත්රිුක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත.

18 Jul 2015