නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි

යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම අද (2021 නොවැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

02 Nov 2021

ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණය ඒකාබද්ධ නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා 2021 ඔක්තෝබර් මස 24 දින දිවයිනට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් (01st Training Squadron) SHARDUL, MAGAR, SUJATA, SUDARSHINI, TARANGINI සහ ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකා VIKRAM යන පුහුණු නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ කොළඹදී සහ ත්‍රිකුණාමලයේදී පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් 2021 ඔක්තෝබර් 27 සහ අද (28) දිවයිනෙන් පිටත්ව යන ලදී.

28 Oct 2021

දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි

සෑම වසරකම නොවැම්බර් මාසය තුළ පැවැත්වෙන යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති, මේජර් ජෙනරල් (විශ්‍රාමික) උපුල් පෙරේරා විසින් අද දින (2021 ඔක්තෝබර් 28) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

28 Oct 2021

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජයන්ත ගමගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් ජයන්ත ගමගේ සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ඔක්තෝබර් 28) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

28 Oct 2021

නාවික හමුදාව විසින් පානම වෙරළ තීරයේ ඉදිකළ අභිනව Surfing Club ගොඩනැඟිල්ල විවෘත කෙරේ

නාවික හමුදාව විසින් පානම වෙරළ තීරයේ අභිනවයෙන් ඉදිකළ ‘Surfing Club’ ගොඩනැඟිල්ල ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් 2021 ඔක්තෝබර් මස 25 වන දින විවෘත කරන ලදී.

27 Oct 2021

ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රී ලංකා නාවික හමුදාව නිල වශයෙන් භාර ගනියි

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම 2021 ඔක්තෝබර් 26 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ, ‘සියැට්ල්’ වරායෙහි පිහිටි ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක කඳවුරේදී සිදු කෙරුණු අතර, මේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නියෝජනය කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න සහභාගී විය. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට පී 627 ධජ අංකය යටතේ 2021 ඔක්තෝබර් 26 වන දින සිට එක්වන මෙම නෞකාවේ ප්‍රධාන කුඹ ගසෙහි එදින සිට ශ්‍රී ලංකා ජාතික ධජය අභිමානවත්ව ඔසවනු ලබයි.

27 Oct 2021

නාවික හමුදාව ඉදිකළ 880 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය වව්නියාව, බෝගස්වැව මහා විද්‍යාලයේදී ජනතා අයිතියට

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන්, වව්නියාව, බෝගස්වැව මහා විද්‍යාල පරිශ්‍රයේ ඉදිකළ 880 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2021 ඔක්තෝබර් 25) උතුරු මැද නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

25 Oct 2021

ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා අද (2021 ඔක්තෝබර් 25) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

25 Oct 2021

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ බටහිර නාවික විධානය විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 ඔක්තෝබර් මස 23 වන දින වත්තල ප්‍රීතිපුර වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

25 Oct 2021

කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‘HMS KENT’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වේ

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් Type 23 Frigate පන්තියට අයත් ‘HMS KENT' නෞකාව 2021 ඔක්තෝබර් මස 23 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර, කොළඹට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවති සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් අනතුරුව 2021 ඔක්තෝබර් මස 24 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්ව යන ලදි.

25 Oct 2021