නාවික හමුදාව විසින් පානම වෙරළ තීරයේ ඉදිකළ අභිනව Surfing Club ගොඩනැඟිල්ල විවෘත කෙරේ

නාවික හමුදාව විසින් පානම වෙරළ තීරයේ අභිනවයෙන් ඉදිකළ ‘Surfing Club’ ගොඩනැඟිල්ල ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් 2021 ඔක්තෝබර් මස 25 වන දින විවෘත කරන ලදී.

ඒ අනුව, පානම මුහුදු තීරයේ ප්‍රචලිත දියමත ලිස්සා යාමේ (Surfing) ක්‍රීඩාව, ගිණිකොන නාවික විධානය තුළ සහ නාවික හමුදාව තුළ ඉදිරියේදී ප්‍රචලිත කිරීමේ අරමුණින්, නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ විධානයේ සම්පත් උපයෝගී කර ගනිමින් ශ්‍රීලංනානෞ මහානාග ආයතනය මඟින් පානම වෙරළ තීරයේ ඉදිකරන ලද මෙම අභිනව ‘Surfing Club’ ගොඩනැඟිල්ල ගිණිකොන නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් මෙලෙස විවෘත කෙරිණි. මෙමඟින් ඉදිරියේදී නාවික හමුදා සාමාජිකයින් හට මෙන්ම ප්‍රදේශයේ මෙම දියමත ලිස්සා යාමේ ක්‍රීඩාවෙහි යෙදෙන පුද්ගලයින් හටද ප්‍රථිලාභ ලබා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අසංග රණසූරිය, එම විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම ශ්‍රීලංනානෞ මහානාග අයතනයේ අණදෙන නිලධාරී ඇතුළු එම විධානයේ නිලධාරින් සීමිත පිරිසක් සහභාගී වී සිටින ලදී.