නාවික හමුදා අභ්‍යන්තර දුරකථන අංකනය වෙනස් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අංක හතරකින් සමන්විත අභ්‍යන්තර දුරකථන අංකනය, අංක පහ දක්වා වෙනස් කොට ඇත. එම පරිවර්තනය අදියර දෙකකින් සිදුකරන ලද අතර, 2015 ජුලි මස 20 වන දින සිට ක්‍රියාවට නැංවුනු පළමු අදියරින් බටහිර, දකුණු සහ ගිනිකොනදිග නාවික විධානයන් ආවරණය කෙරුණු අතර, 2015 ජුලි මස 27 වන දින සිට ක්‍රියාවට නැංවුනු දෙවන අදියරින් නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ වයඹ නාවික විධානයන් ආවරණය කෙ‍රිණි.

04 Aug 2015

2015 ඩයලොග් සත් සාමාජික අන්තර් සමාජ රගර් තරඟාවලියේ ˝බඳුන ශූරතාවය˝ නාවික හමුදාව දිනාගනී

කොළඹ තුරඟ තරග පිටියේ අද (අගෝස්තු 02) පැවති 2015 ඩයලොග් සත් සාමාජික අන්තර් සමාජ රගර් තරඟාවලියේ ˝බඳුන ශූරතාවය˝ දිනාගැනීමට නාවික හමුදා රග්බි ˝ඒ˝ කණ්ඩායමට හැකිවිය. නාවික හමුදා රග්බි ˝ඒ˝ කණ්ඩායම සහ යුද හමුදා ˝ඒ˝ කණ්ඩායම අතර පැවති තරඟයෙන් 29 ට 7ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට නාවික හමුදා රග්බි කණ්ඩායම මෙහිදී සමත්විය.

02 Aug 2015

නාවික හා සාගරික විද්‍යාපීඨය තම මියගිය නාවිකයන් සමරයි

2006 වර්ෂයේදී සෙබළුන් රැගත් ජෙට්ලයිනර් නෞකාව ත්‍රීකුණාමලය වරායට ඇතුළු වීමේදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරනු ලැබූ කාලතුවක්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ නාවික හමුදා සාමාජිකයින් සිහි කිරීම 2015 අගෝස්තු මස 01 වන දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කෙරින.

02 Aug 2015

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම වෙඩි තැබීමේ සමස්ථ ශූරතාවය ලබා ගනියි

කඳුරට වෙඩි තැබීමේ සංගමයට අයත් හන්තාන ‍වෙඩි පිටියේදී ජූලි මස 30 හා 31 යන දෙදින තුල පැවති වෙඩි තැබීමේ ශූරතා තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම සමත් විය.

02 Aug 2015

පහ වසර ශිෂ්‍යත්ව සමතුන්ට “විරු සිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව පිරිනැමේ

“විරු සිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේදී 2015 ජූලි මස 30 වන දින පවත්වන ලදී.

30 Jul 2015

වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවයි

උත්සව සමය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔකඳ සහ තලවිල යන ප්‍රදේශයන් හි නාවික හමුදා ක්ෂණික මුදවාගැනීමේ හා සහන බලඝනයේ ජීවිතාරක්ෂක කණ්ඩායම් කිහිපයක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

29 Jul 2015

නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් නීල් රොසයිරෝ පත්කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් නීල් රොසයිරෝ, ආර්එස්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, එම්එස්සී(ඩීඇන්ඩ්එස්එස්) ජූලි මස 11 වන දින සිට පත් කර ඇති අතර, ඔහුගේ නව පත්වීමට අදාල ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද (ජූලි 29) දින නාවික හමුදා මූලස්ථානයේදී ලබාගත්තේය.

29 Jul 2015

ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ඊබ්‍රහිම් රෝහනී මහතා අද දින (ජූලි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

29 Jul 2015

නාවික හමුදාධිපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදා ගනී

වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නව නාවික හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසු ජූලි මස 27 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑ රදුන් වැඳ ආශිර්වාද ලබාගත්තේය.

29 Jul 2015

බෝවන රෝගීන් සඳහා නව වාට්ටුවක් උතුරු මැද නාවික විධානයේ ස්ථාපිත කෙරේ

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අලුතින් ඉදිකරන ලද බෝවන රෝගීන් සඳහා වන වාට්ටුව උතුරු මැද නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා විසින් 2015 ජූලි මස 27 වන දින විවෘත කරන ලදී.

29 Jul 2015