2015 ඩයලොග් සත් සාමාජික අන්තර් සමාජ රගර් තරඟාවලියේ ˝බඳුන ශූරතාවය˝ නාවික හමුදාව දිනාගනී

කොළඹ තුරඟ තරග පිටියේ අද (අගෝස්තු 02) පැවති 2015 ඩයලොග් සත් සාමාජික අන්තර් සමාජ රගර් තරඟාවලියේ ˝බඳුන ශූරතාවය˝ දිනාගැනීමට නාවික හමුදා රග්බි ˝ඒ˝ කණ්ඩායමට හැකිවිය.  නාවික හමුදා රග්බි ˝ඒ˝ කණ්ඩායම සහ යුද හමුදා ˝ඒ˝ කණ්ඩායම අතර පැවති තරඟයෙන් 29 ට 7ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට නාවික හමුදා රග්බි කණ්ඩායම මෙහිදී සමත්විය.

යුද හමුදා ˝ඒ˝ කණ්ඩායම හා පැවති තරඟයෙන් උත්සාහක දිනුමක් හා ප්‍රවර්තන දිනුමක් ලබාගැනීමට සමිත් ධනංජය සමත් වුනු අතර, සාලිය හඳපාන්ගොඩ, කෝසල තිසේරා, නිවංක ප්‍රසාද් සහ ලී කීගල් උත්සාහක දිනුම් 1 බැගින් ලබා ගැනීමට ද, චානක චන්දිමාල් ප්‍රවර්තන දිනුමක් ලබාගැනීමට ද සමත් විය.

තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති අසංක සෙනෙවිරත්න මහතා සහභාගී වූ අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාද මෙම අවස්ථාවට එක්විය.