නාවික හමුදා අභ්‍යන්තර දුරකථන අංකනය වෙනස් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අංක හතරකින් සමන්විත අභ්‍යන්තර දුරකථන අංකනය, අංක පහ දක්වා වෙනස් කොට ඇත. එම පරිවර්තනය අදියර දෙකකින් සිදුකරන ලද අතර, 2015 ජුලි මස 20 වන දින සිට ක්‍රියාවට නැංවුනු පළමු අදියරින් බටහිර, දකුණු සහ ගිනිකොනදිග නාවික විධානයන් ආවරණය කෙරුණු අතර, 2015 ජුලි මස 27 වන දින සිට ක්‍රියාවට නැංවුනු දෙවන අදියරින් නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ වයඹ නාවික විධානයන් ආවරණය කෙ‍රිණි.

නව දුරකථන අංක පරිවර්තනය පහත නිදසුනින් දැක්වෙන පරිදි සිදුකෙරේ.

නාවික හමුදා මුලස්ථානය 11xxx, 12xxx, 14xxx, 15xxx
බටහිර නාවික විධානය 13xxx, 16xxx
දකුණු නාවික විධානය 18xxx, 19xxx
ගිනිකොනදිග නාවික විධානය 17xxx
නැගෙනහිර නාවික විධානය 61xxx, 62xxx, 66xxx, 67xxx
වයඹ නාවික විධානය 64xxx
උතරු මැද නාවික විධානය 65xxx
උතුරු නාවික විධානය 68xxx, 69xxx

බාහිර දුරකථන ජාල මගින් ඇමතිමේදී පහත දැක්වෙන අංකයන් පළමුව යෙදිය යුතුවේ.

  • අංක  1 න් පටන්ගන්නා අභ්‍යන්තර දුරකථන අංක සඳහා     011 221 xxxx
  • අංක  6 න් පටන්ගන්නා අභ්‍යන්තර දුරකථන අංක සඳහා     026 226 xxxx