වයඹ නාවික විධානය රණවිරු පවුල් සඳහා වූ වාර්ෂික සුහද හමුව උත්කර්ශවත් අයුරින් පවත්වයි

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා වයඹ නාවික විධානය විසින් සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුව දෙසැම්බර් මස 27 වන දින මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රීලංනානෞ භරණ ආයතනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
28 Dec 2015
ගින්නෙන් විනාශ වූ නිවසක් නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරේ

යාපනය නාට්ටකුලම් ප්‍රදේශයේදී ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසක් ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ නාවික පුද්ගලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් අළුත්වැඩියා කිරීමෙන් අනතුරුව උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් අද (26) එම නිවෙස් හිමියන් වෙත භාර දෙන ලදී.
26 Dec 2015
ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ නන්දිමිත්‍ර ඉන්දියාවේ පුහුණු සහ සුහද සංචාරයක

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු මුර සංචාරක නෞකාවක් වන සමුදුර සහ වේග මිසයිල ප්‍රහාරක නෞකාවක් වන නන්දිමිත්‍ර 2015 දෙසැම්බර් මස 21 වන දින සිට 24 වන දින දක්වා ඉන්දියාවේ පුහුණුවීමේ කටයුතුවල සහ සුහද සංචාරයක නිරතවිය.
24 Dec 2015
නාවික හමුදාව මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා ප්‍රති ආශ්‍රැත ජල පද්ධතීන් දෙකක් ස්ථාපනය කරයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රති ආශ්‍රැත ජල පද්ධතීන් දෙකක් අද (22) පූනෑව සහ කඩවත් රඹෑව යන ප්‍රදේශයන්හි ස්ථාපනය කරන ලදී.
22 Dec 2015
ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ පැවති රණවිරු පවුල් සඳහා වූ වාර්ෂික සුහද හමුව

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුවක් දෙසැම්බර් මස 21 වන දින ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී පැවැත්විණ.
22 Dec 2015
ඩෙල්ෆ්ට් දූපත්වාසීන් සඳහා නාවික හමුදාව නත්තල් උත්සවයක් සංවිධානය කරයි

2015 දෙසැම්බර් මස 21 වන දින ඩෙල්ෆ්ට් දූපත්වාසීන් වෙනුවෙන් නාවික හමුදාව නත්තල් කැරොල් උත්සවයක් සංවිධානය කරන ලදී.
22 Dec 2015
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21) අත්අඩංගුවට ගන්නා ලදී.
22 Dec 2015
නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (21) උතුරු නාවික විධානයේ පරීක්ෂණ චාරිකාවක නිරතවිය.
21 Dec 2015
යාපනයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නත්තල් උත්සවය 2015 දෙසැම්බර් මස 20 වන දින යාපනය මහ නගර සභා භූමියේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
21 Dec 2015
65 වන නාවික දිනය නිමිත්තෙන් නිලධාරීන්ගේ සුහද හමුවක් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී පැවැත්වේ

65 වන නාවික දිනයට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2015 දෙසැම්බර් මස 19 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී නිලධාරීන්ගේ සුහද හමුවක් පවත්වන ලදී.
21 Dec 2015