ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ නන්දිමිත්‍ර ඉන්දියාවේ පුහුණු සහ සුහද සංචාරයක
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු මුර සංචාරක නෞකාවක් වන සමුදුර සහ වේග මිසයිල ප්‍රහාරක නෞකාවක් වන නන්දිමිත්‍ර 2015 දෙසැම්බර් මස 21 වන දින සිට 24 වන දින දක්වා ඉන්දියාවේ පුහුණුවීමේ කටයුතුවල සහ සුහද සංචාරයක නිරතවිය. දෙරටෙහි නාවික හමුදා අතර ද්විපාර්ශ්වික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කරමින් ඔවුනොවුන් මුණගැසීමටත්, අදහස් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සලසන එම ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුව ලබන මධ්‍ය නිලධාරීන් 89 දෙනෙකු ඇතුළුව නාවික පුද්ගලයන් 328 දෙනෙකු සහභාගී වන ලදී.

එම නෞකාවන් සහ කාර්යය මණ්ඩලය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචින් වරායට පැමිණීමෙන් පසු සමුදුර සහ නන්දිමිත්‍ර යන නෞකාවන්හි අණදෙන නිලධාරීන් ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානය භාර ධජ නිලධාරී, මාණ්ඩලික ප්‍රධානී සහ ධජ නිලධාරී මුහුදු පුහුණු, නිල වශයෙන් හමුවූ අතර, ශ්‍රී ලාංකික ආහාරපාන රස විදීමට සහ දේශීය නර්තනයන් දැකබලා ගැනීමට ආරාධිතයන්ට හැකි වන සේ සුහද හමුවක් සමුදුර නෞකාවේදී පවත්වන ලදී.