ගින්නෙන් විනාශ වූ නිවසක් නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරේ
 

යාපනය නාට්ටකුලම් ප්‍රදේශයේදී ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසක් ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ නාවික පුද්ගලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් අළුත්වැඩියා කිරීමෙන් අනතුරුව උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් අද (26) එම නිවෙස් හිමියන් වෙත භාර දෙන ලදී.

ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නාවික පුද්ගලයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද එම අවස්ථාවට එක්විය.