ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ සහ ‘මහසෙන්’ ආයතනයන් සිය 13 වන සංවත්සර දිනය අභිමානයෙන් සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ සහ ‘මහසෙන්’ ආයතනයන්හි 2020 සැප්තැම්බර් 28 වන දිනට යෙදී තිබූ 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදි.
29 Sep 2020
ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සමගාමීව නාවික හමුදාවෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක්

අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව ‘නිකසළ සයුරක් පිරිසිදු වෙරළක්’ යන තේමාව යටතේ පැවති ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සිය දායකත්වය දක්වමින් නාවික හමුදාව විසින් දිවයින වටා වෙරළ තීරයන් රැසක පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.
29 Sep 2020
නාවික හමුදාධිපති විසින් අරාලි තුඩුවේදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සඳහා පුෂ්පෝපහාර දක්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 සැප්තැම්බර් 27 වන දින යාපනය අරාලි තුඩුවෙහි ස්ථාපිත කර ඇති සමරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් අභීතව සටන්වැද දිවි පිදූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්න සහ එවකට උතුරු නාවික විධානයේ ආඥාපතිව සිටි රියර් අද්මිරාල් මොහාන් ජයමහ ඇතුළු විරෝධාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දක්වන ලදි.
28 Sep 2020
ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයේ 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයේ 13 වන සංවත්සරය 2020 සැප්තැම්බර් 27 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.
28 Sep 2020
නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රීලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු පළමු වරට 2020 සැප්තැම්බර් 26 වන දින උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක් සඳහා පිටත්විය.
28 Sep 2020
ශ්‍රී ලංකා නාවික නෞකා ‘කැළණි’ ආයතනය 13 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘කැළණි’ ආයතනයේ 13 වන සංවත්සරය 2020 සැප්තැම්බර් 25 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.
26 Sep 2020
සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා දිවයිනෙන් පිටත් වෙයි

2020 සැප්තැම්බර් 23 වන දින කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් පැවැත් වූ සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව එම ජපාන නෞකාවන් 2020 සැප්තැම්බර් 24 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදී.
25 Sep 2020
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අති ගරු ඩේවිඩ් හෝලි මහතා 2020 සැප්තැම්බර් 24 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමු විය.
25 Sep 2020
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත් වූ කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) අද (2020 සැප්තැම්බර් 24) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
24 Sep 2020
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් “කාගා” සහ “ඉකසුචි” යන නෞකාවන් දෙදින නිල සංචාරයක් සඳහා අද (2020 සැප්තැම්බර් 23) කොළඹ වරායට සේන්දු විය.
23 Sep 2020