ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයේ 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයේ 13 වන සංවත්සරය 2020 සැප්තැම්බර් 27 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

2007 සැප්තැම්බර් 27 වන දින අධිකාරියට පත් කරන ලද ශ්‍රීලංනානෞ ‘ශිල්ප’ ආයතනයේ අභිමානවත් 13වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නැව් මුළුව විසින් උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට කටයුතු කල අතර, එහිදී 2020 සැප්තැම්බර් 27 වන දින උදෑසන නාවික සාම්ප්‍රදායානුකූලව ආයතනයේ අණදෙන නිලධාරි විසින් අංශ පිරික්සීම සිදු කිරීමෙන් අනතුරුව නැව් මුළුව ඇමතීමට ද කටයුතු කරන ලදි.

තවද, මෙම සංවත්සර උත්සවයට සමගාමීව අණදෙන නිලධාරි ඇතුළු නැව් මුළුවේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වීමටද කටයුතු කෙරිණි.