රජයේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ලඟා කර ගැනීම සඳහා කැප වන බවට නාවික හමුදාව ප්‍රතිඥා දෙයි

උදා වූ 2021 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2021 ජනවාරි 01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.
01 Jan 2021
නාවික හමුදාධිපතිතුමන්ගේ නව අවුරුදු සුභ පැතුම් පණිවිඩය

2021 වර්ෂයට පා තැබූ නාවික සහ සිවිල් සේවක ඔබ සැමටත්, ඔබගේ පවුල්වල සියලු දෙනාටත්, අරමුණු කොටගත් යහපත් සිතිවිලි, ප්‍රාර්ථනා, අධිෂ්ඨානයන් එලෙසම ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවායි මා ප්‍රාර්ථනා කරමි.
01 Jan 2021
රියර් අද්මිරාල් ඩී විජේතුංග නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී

වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ඩී විජේතුංග අද (2020 දෙසැම්බර් 31) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
31 Dec 2020
නාවික හමුදාධිපතිතුමන් උතුරු මැද නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 දෙසැම්බර් 26 සහ 27 දෙදින උතුරු මැද නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වී විධානයේ මෙහෙයුම් සූදානම, සුභසාධන පහසුකම් සහ පරිපාලන කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කරන ලදි.
28 Dec 2020
නාවික හමුදාව විසින් ඉදි කළ 800 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය රුවන්වැලි මහසෑ පුද බිමේදී විවෘත කෙරේ

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ නාවික සමාජ සුභසාදන අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් සිදු කළ තවත් සමාජ සත්කාරයක් ලෙස රුවන්වැලි මහසෑ පුද බිමේ අභිනවයෙන් ඉදි කරන ලද 800 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2020 දෙසැම්බර් 26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් විවෘත කෙරිණි.
26 Dec 2020
අපවත්වී වදාල අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කළ චෛත්‍ය බොදුනුවන්ගේ වන්දනාව පිණිස පූජා කෙරේ

අපවත්වී වදාල අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ හී නාවික පුද්ගලයින්ගේ මුල්‍ය සහ ශ්‍රමදායකත්වයෙන් ඉදි කරන ලද චෛත්‍ය අද (2020 දෙසැම්බර් මස 26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් සැදැහැති බොදුනුවන්ගේ ගෞරවනීය වන්දනාව පිණිස පූජා කරන ලදි.
26 Dec 2020
නාවික හමුදාධිපතිතුමන්ගේ නත්තල් දින සුභ පැතුම් පණිවිඩය

ජේසු සමිඳානන්ගේ උපත සමරනු වස් උදා වූ නත්තල සතුට, සාමය පිරි ප්‍රීතිමත් එකක් වේවායි කිතුණු බැතිමත් ඔබට සහ සියලුම නාවික/සිවිල් පුද්ගලයන් හට ප්‍රාර්ථනා කරමි.
25 Dec 2020
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී ධාතු මන්දිර පූජාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් සිදු කරනු ලබන ආගමික වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2020 දෙසැම්බර් 24 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරස්තානයේදී පැවැත්වූ අතර, මේ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනියද සහභාගී විය.
25 Dec 2020
ජ්‍යේෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා රු 500,000.00 සහ නායකනැවි තරාතිරමේ නාවිකයින් 30 දෙනෙකු සඳහා රු 200,000.00 බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 දෙසැම්බර් 24) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.
24 Dec 2020
ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රථම සැඟවුණු වෙඩික්කරු තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථම වරට සංවිධානය කරන ලද සැඟවුණු වෙඩික්කරුවන්ගේ වෙඩිතැබීමේ තරඟාවලිය (Naval Sniper Firing Competition) 2020 දෙසැම්බර් 14 වන දින සිට ත්‍රිකුණාමලය නාවික තටාකංගණ පරිශ්‍රයේදී පවත්වන ලද අතර, තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් 2020 දෙසැම්බර් මස 20 වන දින ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
23 Dec 2020