ජ්‍යේෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා රු 500,000.00 සහ නායකනැවි තරාතිරමේ නාවිකයින් 30 දෙනෙකු සඳහා රු 200,000.00 බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 දෙසැම්බර් 24) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යේෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කිරීම වෙනුවෙන් මෙම පොලී රහිත ණය මුදල ප්‍රදානය කිරීම ආරම්භ කරන ලද අතර, ජ්‍යේෂ්ඨ නාවිකයින් 3394 දෙනෙකු සඳහා මේ වන විට මෙම ණය මුදල ලබා දීම සිදු කර ඇත. තවද, කණිෂ්ඨ නාවිකයින් සඳහාද ප්‍රථම වරට මෙම පොලී රහිත ණය මුදල ලබා දීම 2020 සැප්තැම්බර් මස සිට ආරම්භ කරන ලද අතර, මෙවර කණිෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා ණය මුදල ලබා දීමට නාවික සහන පදනම කටයුතු කරන ලදි. එසේම, ඉදිරි කාල සීමාව තුළදී, තවත් ජ්‍යේෂ්ඨ නාවිකයන් 1964 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 27 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතී.