කේරළ ගංජා සහ මසුන් මැරීමට යොදා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින පොඩුවකට්ටු වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සහ මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

01 Apr 2020

නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාමට නාවික හමුදාවේ සහාය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින යාපනය, නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාම සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි.

01 Apr 2020

මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් සමග පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින කෝකිලායි, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී තහනම් දැලක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

01 Apr 2020

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පේසාලේ පොලිසිය එක්ව 2020 මාර්තු 31වන දින මන්නාරම, පේසාලේ, පෙරියකාසල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගැනීමට සමත්විය.

01 Apr 2020

අයිස් මත්ද්‍රව්‍ය ලග තබා ගත් සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මාර්තු 31 වන දින පාලවිය, කරඹ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය.

01 Apr 2020

රුපියල් මිලියන 12500 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සයුර මගින් 2020 මාර්තු 28 (සෙනසුරාදා) දින උදෑසන 0930 පැයට පමණ ශ්‍රී ලංකාවේ දකුණු වෙර‍ළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී (දළ වශයෙන් 835km පමණ) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් අත් අඩංගුවට ගන්නා ලදි.

31 Mar 2020

අනලතිවු දූපත්වාසි ජනතාව සඳහා නාවික හමුදාව වියලි සළාක බෙදා දෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 30 වන දින යාපනය, අනලතිවු දූපතේ ජීවත්වන ජනතාව වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

31 Mar 2020

කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් අත් අඩංගුවට

නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය හා එක්ව 2020 මාර්තු 30 වන දින මන්නාරම, පේසාලේ, කට්ටිකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී විකිණීම සඳහා කේරළ ගංජා රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

31 Mar 2020

නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 30 වන දින තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ප්‍රදේශයේ වන ලැහැබක් තුල සඟවා තිබූ නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් සොයා ගැනීමට සමත්විය.

31 Mar 2020

සාර්ථකව අවසන් වූ ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ 2020/1 (JCET) සහතිකපත් ප්‍රදානොත්සවය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව 2020 මාර්තු 02 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2020/1 (Joint Combined Exchange Training 2020/1) සාර්ථකව අවසන් කරන ලද නාවික පුද්ගලයින් සඳහා සහතිකපත් ප්‍රදානය අද (2020මාර්තු 30) සිදු කරන ලදි.

30 Mar 2020