නාවික හමුදාව විසින් පුපුරා නොගිය මිමී 155 වර්ගයේ කාලතුවක්කු උණ්ඩයක් (01) සොයා ගනී.

නාවික හමුදාව 2020 මැයි මස 01 වන දින මන්නාරම, නච්චිකුඩා වෙරළ තීරයට ආසන්න මුහුදු ප්‍රදේශයේ තිබී පුපුරා නොගිය මිමී 155 වර්ගයේ කාලතුවක්කු උණ්ඩයක් (01) සොයා ගැනීමට සමත් විය.

02 May 2020

සීදූව, ‘සන්හිල්’ හෝටලය නාවික හමුදා පුද්ගලයින් සඳහා නවාතැන් ගැනීමට නාවික හමුදාව වෙත ලබා දෙයි.

සීදූව ප්‍රදේශයේ පිහිටි සන්හිල් සමූහ ව්‍යාපාරයට (Sunhill Group of Companies Pvt Ltd) අයත් කාමර 23 කින් සමන්විත ‘සන්හිල්’ හෝටලය නාවික හමුදා පුද්ගලයින් හට නවාතැන් පහසුකම් ලබා ගැනීම සඳහා නිලවශයෙන් භාරදීම අද (2020 මැයි 02) සිදු කරන ලදි.

02 May 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 06 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු 2020 මැයි 01 වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

02 May 2020

නාවික හමුදාව සහ පොලිසිය සිදු කල ඒකාබද්ධ ‍මෙහෙයුමක් මගින් කේරළ ගංජා සමඟ පුද්ගලයන් පස්දෙනෙකු (05) අත් අඩංගුවට,

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි 01 වන දින ත්‍රිකුණාමලය, තෝපූර් සෙල්වනගර් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමග පුද්ගලයින් පස්දෙනෙක් (05) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

02 May 2020

නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 01 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

02 May 2020

යාපනය, පොන්නාලෙයි ප්‍රදේශයේදී කළපුවට වැටුණු ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගොඩ ගැනීමට නාවික හමුදා සහාය.

කරෙයිනගර් පොන්නාලෙයි පාලම ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන කළපුවට වැටී අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගොඩ ගැනීම සඳහා නාවික හමුදාව අද (2020 මැයි 01) කටයුතු කරන ලදි.

01 May 2020

තවත් ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ ‍තොගයක් නාවික හමුදාව වෙත පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබන ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර විසින් නිර්මාණය කරන ලද තවත් ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ 100ක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 01) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

01 May 2020

ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකුට (04) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි.

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටි පුද්ගලයින්ගෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකුට (04) කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව සිදු කල පරීක්‍ෂණ මගින් සොයා ගැනීමට හැකි වීමත් සමග ඔවුන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව 2020 අප්‍රේල් මස 30 වන දින කටයුතු කරන ලදි.

01 May 2020

LOLC සමූහ ව්‍යාපාරය හා ‘මනුසත් දෙරණ’ එක්ව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය තවත් සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් තොගයක් LOLC සමූහ ව්‍යාපාරයේ දායකත්වයෙන් ‘මනුසත් දෙරණ’ වැඩසටහන යටතේ නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 30) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

30 Apr 2020

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා නාවික හමුදාව වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත භාරදීම අද (2020 අප්‍රේල් 30) සිදු කරන ලදි.

30 Apr 2020