LOLC සමූහ ව්‍යාපාරය හා ‘මනුසත් දෙරණ’ එක්ව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය තවත් සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් තොගයක් LOLC සමූහ ව්‍යාපාරයේ දායකත්වයෙන් ‘මනුසත් දෙරණ’ වැඩසටහන යටතේ නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 30) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදු කරනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර නොයෙක් ආයතන සහ සංවිධාන මගින් නාවික හමුදාව වෙත ලැබෙමින් පවතින අතර, ඒ අනුව අද (2020 අප්‍රේල් 30) දිනයේදීද LOLC සමූහ ව්‍යාපාරයේ දායකත්වයෙන් මනුසත් දෙරණ මානූෂීය ක්‍රියාන්විතය යටතේ සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් කට්ටල තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදි. මෙම අවස්ථාවට LOLC සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා, එම සමූහ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් සහ ‘මනුසත් දෙරණ’ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටින ලදි.

මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් කට්ටල නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවට පැමිණ සිටි LOLC සමූහ ව්‍යාපාරයේ සහ ‘මනුසත් දෙරණ’ කාර්ය මණ්ඩලයේ සියළු දෙනා වෙත නාවික හමුදාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍