මුහුදේ දී අනතුරටපත් ශ්‍රී ලාංකික ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව බේරා ගනී

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, හම්බන්තොට ප්‍රදේශයට කිලෝමීටර් 63 ක් (නාවික සැතපුම් 35ක්) පමණ ගිනිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අනතුරට පත් ˝මනුසත්˝ සහ ˝ඉසුරු පුතා 03˝ නැමති බහුදින ධීවර යාත්‍රාවන් සහ එහි සිටි ධීවරයින් දස දෙනෙකු බේරා ගැනීම සඳහා 28 වන දින සවස ශ්‍රී ලංකා නාවික හමුදාවේ ˝උදාර˝ නෞකාව පිටත්කර හැරියේය.

30 Aug 2015

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ ˝මෙල්බෝන්˝ නෞකාව කොළඹ වරායට පැමිණේ

සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ˝මෙල්බෝන්˝නෞකාව අද දින (29) කොළඹ වරායට සේන්දු විය.

29 Aug 2015

සේවා ප්‍රවේශ නිලධාරීන් සය දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත්වෙයි

2014 වර්ෂයේ පළමු බඳවා ගැනීමට අයත් සේවා ප්‍රවේශ නිලධාරීන් 06 දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අගෝස්තු මස 27 වන දින අධිකාරියට පත්විය.

28 Aug 2015

ගෝල්ෆ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ පුහුණු කඳවුරක් නැගෙනහිර නාවික විධානයේදී පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩා සංගමයේ සභාපති හා වත්මන් නාවික හමුදාධිපති වන වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම මත ගෝල්ෆ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ පුහුණු කඳවුරක් ත්‍රිකුණාමළය සැන්ඩි බේ ගොල්ෆ් ක්‍රීඩාංගණයේ දී පසුගිය අගෝස්තු මස 08 සහ 09 යන දිනයන්හි දී පැවැත්විණි.

28 Aug 2015

ඉන්දියානු වෙරළාරක්ෂක ˝වරහා˝ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා නාවික නෞකා ˝සාගර˝ ලෙස 2006 වසරේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාවිතා කරනු ලැබූ ඉන්දියානු වෙරළාරක්ෂක ˝වරහා˝ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹ වරාය මගී පර්යන්තයේ දී අද (27) දින නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙරිණි.

27 Aug 2015

2015 අන්තර් විධාන සරඹ තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට පුහුණු විධානය සමත්වෙයි

2015 අන්තර් විධාන සරඹ තරඟාවලිය අගෝස්තු මස 24 වන දින සාම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ දී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහභාගී විය.

26 Aug 2015

මුහුදේදී අනතුරටපත් ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදාව බේරා ගනී

ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 405ක් (නාවික සැතපුම් 225ක්) පමණ නැගෙනහිරින් වූ ගැඹුරු මුහුදේදී යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් ˝සුරංග˝ නැමති ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාවට හැකිවිය.

25 Aug 2015

ඇමරිකානු නාවික හමුදාවේ ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂවරයා නාවික හමුදාධිපති හමුවෙයි

අගෝස්තු මස 27 සහ 28 යන දිනයන්හි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නාවික හමුදාවේ ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂක රියර් අද්මිරාල් විලියම් මැක්විල්කින් මහතා අද (25) දින නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

25 Aug 2015

කොළඹ අගරදගුරුතුමන් නව නාවික හමුදාධිපති හට ආශිර්වාද පතයි

නව නාවික හමුදාධිපති ධූරයේ පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා අද (24) කොළඹ අගරදගුරු නිල නිවසේදී, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් හමුවිය.

25 Aug 2015

‍ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේඒ ඥානවීර මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් අද (24) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

25 Aug 2015