සේවා ප්‍රවේශ නිලධාරීන් සය දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත්වෙයි

2014 වර්ෂයේ පළමු බඳවා ගැනීමට අයත් සේවා ප්‍රවේශ නිලධාරීන් 06 දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අගෝස්තු මස 27 වන දින අධිකාරියට පත්විය. නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. එම අවස්ථාවට නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු නන්දන ජයරත්න මහතා, විධානයේ ජ්‍යේෂ්ඨ නාවික නිලධාරීන්, නාවිකයින්, අධිකාරියට පත්  නිලධාරීන්ගේ දෙමාපියන් හා හිතවතුන් ද එක් විය.
 
මාස නවයක පුහුණුව නිමාකරමින් පැවැත්වූ මෙම උත්සවය නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ නර්තනයන්ගෙන් හා නාවික හමුදා සංගීතයෙන් වර්ණවත් විය.

බඳවා ගැනීමේ දක්ෂතම සේවා ප්‍රවේශ නිලධාරියා වශයෙන් වැඩ බලන උප ලුතිනන් ඒඅයි ගුණවර්ධන කුසලාන දිනාගන්නා ලදී.