මුහුදේ දී අනතුරටපත් ශ්‍රී ලාංකික ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව බේරා ගනී

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, හම්බන්තොට ප්‍රදේශයට කිලෝමීටර් 63 ක් (නාවික සැතපුම් 35ක්) පමණ ගිනිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අනතුරට පත් ˝මනුසත්˝ සහ ˝ඉසුරු පුතා 03˝ නැමති බහුදින ධීවර යාත්‍රාවන් සහ එහි සිටි ධීවරයින් දස දෙනෙකු බේරා ගැනීම සඳහා 28 වන දින සවස ශ්‍රී ලංකා නාවික හමුදාවේ ˝උදාර˝ නෞකාව පිටත්කර හැරියේය.

ධීවරයින් පිරිස බේරා ගැනීමෙන් අනතුරුව, අළුත්වැඩියා කල හැකි තත්ත්වයේ නොතිබූ බහුදින ධීවර යාත්‍රාවන්, රළු මුහුදු තත්ත්වය යටතේ ආරක්ෂාකාරී ලෙස අද (30) දින හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.