ඇමරිකානු නාවික හමුදාවේ "බ්ලූ රිජ්" යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 
 

ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ ධජ නෞකාව වන "බ්ලූ රිජ්" යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (26) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

26 Mar 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

කිලිනොච්චිය, කිරංචි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු කිලෝග්‍රෑම් 30ක බරකින් යුත් මුහුදු කූඩැල්ලන් තොගයක් සහ කුඩා ඔරුවක් ද සමග උතුරු මැද විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (25) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

26 Mar 2016

සාම්පූර් ප්‍රදේශයේ තවත් ඉඩම් අක්කර 177ක් මුල් අයිතිකරුවන්ට භාරදෙයි
 

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව සිදු කෙරෙන උතුරු සහ නැගෙනහිර පළාත් වල හමුදා පාලනය යටතේ පැවති ඉඩම් වල කොටසක් නැවතත් ඒවායේ මුල් අයිතිකරුවන් වෙත බෙදාදීමේ වැඩසටහන යටතේ සාම්පූර් නාවික හමුදා කඳවුරට අයත්ව තිබූ තවත් ඉඩම් අක්කර 177ක් අද (25) නිල වශයෙන් භාරදීම සිදු කෙරිණි.

25 Mar 2016

නව වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි
 
 

නව වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා විසින් නිල වශයෙන් අද (24) සවස පනාගොඩ යුද හමුදා කඳවුරේ නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සිදුවිය.

25 Mar 2016

මන්නාරම මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 51.5ක් නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, මන්නාරම, සිලාවතුර මුහුදු තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 51.5ක් අද (24) උදෑසන වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

24 Mar 2016

ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
 

ජපාන නාවික හමුදාවට අයත් “යූඩාචි” හා “යූගිරි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (24) කොළඹ වරායට සේන්දු විය.

24 Mar 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ත්‍රිකුණාමළය නාවික තඨාකාංගනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23) උදෑසන කුච්චවේලි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් 6 දෙනෙකු, ධීවර කටුයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, සුරුක්කු දැලක් හා කිමිඳුම් කටයුතු සඳහා භාවිතා කරන පාවරල් යුගලක්ද සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

24 Mar 2016

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට
 

ඩෙල්‍ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (23) අත්අඩංගුවට ගන්නා ලදී.

24 Mar 2016

පුද්ගලයින් සිව් දෙනෙකු සමග ජෙලග්නයිට් කූරු 4ක් හා නීති විරෝධී ලෙස ඇල්ලූ මත්ස්‍ය කිලෝග්‍රෑම් 16ක් නාවික හමුදා අත්අඩංගුවට

මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා ජෙලග්නයිට් කූරු 4ක් (එකක් ග්‍රෑම් 100ක් පමණ වන) සමග සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු මන්නාරම දකුණු වෙරළ තීරයේ දී ඊයේ උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

23 Mar 2016

ත්‍රිකුණාමළයේ දී ලාංකික ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ත්‍රිකුණාමළය, නාවික තඨාකාංගනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) උදෑසන ත්‍රිකුණාමළය, "චැපල් අයිලන්ඩ්" මුහුදු ප්‍රදේශයේ දී නීතිවිරෝධී ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 17 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 2ක් අත්අඩංගුවට ගන්නා ලදී.

23 Mar 2016