මන්නාරම මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 51.5ක් නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, මන්නාරම, සිලාවතුර මුහුදු තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 51.5ක් අද (24) උදෑසන වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. කල්ලාරු නාවික අණුඛණ්ඩයට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී සොයා ගැනුණු මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ දරන්නට ඇතැයි නාවික හමුදාව සැක පහළ කරයි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම කේරළ ගංජා තොගය සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතය.

‍