2016 වසරේ සමුද්‍රීය ආරක්ෂක රාජකාරීයෙන් නාවික හමුදාව කෝටි 226 ක ආදායමක් උපයයි
 

ඇවන්ගාර්ඩ් පෞද්ගලික සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු ශ්‍රිලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරව, පසුගිය 2016 වසර තුළ රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයා දීමට සමත් වී ඇත.

03 Jan 2017

පදවිය ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් අද (2) නිමාවට පත් විය.

02 Jan 2017

එකම රටක්, එකම දැයක් තුළ එක කොඩියක සෙවණේ මාතෘ භූමිය සංවර්ධනය කිරීම සඳහා කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි

2017 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ප්‍රථමයෙන්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

02 Jan 2017

උතුරු නාවික විධානය විසින් එළුවතිව් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් පසුගිය දෙසැම්බර් මස 31 වන දින යාපනය, එළුවතිව් දූපතේ පිහිටි ශාන්ත තෝමස් කතෝලික පල්ලියේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

02 Jan 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් අද (31) නිමාවට පත් කෙරිණි.

31 Dec 2016

“ග්ලෝවීස් ෆීනික්ස්” නෞකාවේ මෙහෙයුම් සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් නාවික හමුදාවට පැසසුම්
 

හම්බන්තොට වරාය පරිශ්‍රයේ පසු ගිය 10 වන දින උද්ගත වු හදිසි තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව “ග්ලෝවිස් ෆීනික්ස්” නෞකාවේ මෙහෙයුම් කටයුතු සඳහා සහාය දැක්වීම සමබන්ධයෙන් ලොව ප්‍රමුඛ පෙළේ වාහන ප්‍රවාහන නෞකා සමාගමක් මෙන්ම එම නෞකාවේ මව් සමාගම වන “හයිහුන්ඩායි ග්ලෝවිස්, කොරියා” සමාගම සිය හෘදයාංගම ස්තුතිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රමුඛ නාවික හමුදාවට පිරිනමා ඇත.

31 Dec 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නාවික හමුදාව‍ පොලීසියේ සහායද ඇතිව කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු ඊයේ (30) ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගැනීමට සමත් විය.

31 Dec 2016

නීති විරෝධී ලෙස හක්බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වලංගු බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස හක්බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (30) සමත් විය.

31 Dec 2016

66 වන නාවික දින සැමරුම් අවසන් ආගමික වැඩසටහන කැලණිය රජමහා විහාරයේදී
 

පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන ඊයේ (30) කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

31 Dec 2016

පොලිස් පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ දෙවන අදියරේ, තවත් තරඟයක් අද (30) පස්වරුවේ වැලිසර පිහිටි නාවික හමුදා රග්බි ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

30 Dec 2016