නැගෙනහිර නාවික විධාන අඥාපති ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සුජේ’ සහ ‘සමුද්‍ර පෙහෙරිදාර්’ නෞකාවන් නිරීක්‍ෂණය සඳහා එක්වෙයි

නැගෙනහිර නාවික විධාන ආඥාපති විසින් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සුජේ’ (ICGS Sujay) සහ ‘සමුද්‍ර පෙහෙරිදාර්’ (ICGS Samudra Paheredar) නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් ත්‍රිකුණාමලයේදී හමුවී ‘එම්ටී නිව් ඩයමන්ඩ්’ නෞකාවේ ඇති වූ ආපදා තත්වය කළමණාකරනය කිරීම සඳහා දැක්වූ විශිෂ්ඨ සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පල කර සිටින ලදි.
16 Sep 2020
ගිණිකොන නාවික විධානයේ වැඩබලන ආඥාපති වශයෙන් කොමදෝරු ජයන්ත ගමගේ වැඩ භාර ගනී

ගිණිකොන නාවික විධානයේ වැඩබලන ආඥාපති වශයෙන් කොමදෝරු ජයන්ත ගමගේ 2020 සැප්තැම්බර් 15 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
16 Sep 2020
යාපනය අර්ධද්වීපයේ පාසල් සිසුන් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා නාවික හමුදාවෙන් මුහුදු සංචාරයක්

යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන තවත් පාසල් සිසු සිසුවියන් 200 දෙනෙකු සහ එම ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලට අයත් නිලධාරීන් පිරිසක් සඳහා උතුරු මුහුදේ සංචාරයක් ලබා දීමට නාවික හමුදාව පසුගිය සති අන්තයේදී කටයුතු කෙරිණි.
15 Sep 2020
රියර් අද්මිරාල් සංජීව ඩයස් උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සංජීව ඩයස් 2020 සැප්තැම්බර් 14 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති වශයෙන් එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
15 Sep 2020
නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික සුභසාධක අංශය මගින් කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයට රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් පරිත්‍යාගයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික හමුදා සුභසාධක අංශය එක්ව රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් උපකරණ සහ පොත්පත් කොළඹ මැලේ වීදියේ ආරක්‍ෂක සේවා විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2020 සැප්තැම්බර් 14 වන දින එම විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.
15 Sep 2020
නාවික විරුවන් MT New Diamond නෞකාවේ ඉංජිනේරුවරයාගේ සුවදුක් විමසීමට රෝහලට.

පසුගිය සැප්තැම්බර් 03 වන දින ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වූ MT New Diamond නෞකාවේ තුවාල ලබා නාවික හමුදාව මගින් බේරාගෙන ගොඩබිමට රැගෙනවිත් රෝහල් ගත කළ එම නෞකාවේ තුන්වන ඉංජිනේරු නිලධාරියාගේ සුවදුක් විමසීමට එම දිවිගැලවීමේ මෙහෙයුමට සම්බන්ධ වූ නාවික පුද්ගලයින් තිදෙනා හට 2020 සැප්තැම්බර් 13 වන ඉරිදා දින අවස්ථාව හිමි විය.
14 Sep 2020
රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් කපිල සමරවීර පසුගිය සැප්තැම්බර් 12 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙතින් අද (2020 සැප්තැම්බර් 14) අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් කපිල සමරවීර වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී. එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් නව තනතුරේ වැඩ භාර ගත් රියර් අද්මිරාල් කපිල සමරවීර වෙත සුභපැතුම් එක් කරන ලදී.
14 Sep 2020
නාවික හමුදාවට ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්ගේ විසිරයාම සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් අධිකාරියට පත් කිරීම නාවික හා සාගරික විද්‍යාපීඨයේදී

නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් 1/2019 බඳවාගැනීමේ නිලධාරීන් 13 දෙනෙක් විසිරයාම සහ 1/2019 බඳවාගැනීමට අයත් සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් අධිකාරියට පත් කිරීමේ උත්සවය 2020 සැප්තැම්බර් 11 වන දින බටහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පැවැත්විණි.
12 Sep 2020
විශේෂ යාත්‍රා බලඝණ ලාංඡන පැළඳවීමේ උත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 27 වන බඳවා ගැනීමට අයත් නිලධාරින් තිදෙනෙකු (03) සහ නාවිකයින් විසි නවදෙනෙකු (29) හට ලාංඡන පැළඳවීමේ උත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් 2020 සැප්තැම්බර් 10 වන දින ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පැවැත්විණි.
12 Sep 2020
නාවික හමුදාධිපතිතුමන් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු ප්‍රථම වරට 2020 සැප්තැම්බර් 10 වන දින නැගෙනහිර නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත විය.
12 Sep 2020