ගිණිකොන නාවික විධානයේ වැඩබලන ආඥාපති වශයෙන් කොමදෝරු ජයන්ත ගමගේ වැඩ භාර ගනී

ගිණි‍කොන නාවික විධානයේ වැඩබලන ආඥාපති වශයෙන් කොමදෝරු ජයන්ත ගමගේ 2020 සැප්තැම්බර් 15 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

නාවික සම්ප්‍රදායානුකූලව නව වැඩබලන ආඥාපතිතුමන් ගිණිකොන නාවික විධානය වෙත පිළිගන්නා ලද අතර, ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව කොමදෝරු ජයන්ත ගමගේ ගිණිකොන නාවික විධානයේ වැඩබලන ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදි.

තවද මෙහිදී විධානයේ හිටපු ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය වෙතද නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලද අතර, ඉදිරියේදී ඔහු උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සඳහා විධානයේ නි‍යෝජ්‍ය ආඥාපති, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.