රාජ්‍ය සේවා දැල්පන්දු තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව හිමිකර ගනී

රාජ්‍ය සේවා පිළිමළුන් පිටුදැකීමේ දැල්පන්දු තරඟාවලිය 2019 දෙසැම්බර් 17 සහ 18 යන දෙදින ත්‍රිකුණාමලය, ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති අතර, එහි ‘ඒ’ කාණ්ඩය යටතේ තරඟ කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා දැල් පන්දු කණ්ඩායම එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත්වන ලදී.
19 Dec 2019
මානසික ආතතිය කලමණාකරණය කිරීමේ විශේෂ වැඩමුළුවක් ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේදී

මානසික ආතතිය කලමණාකරණය කිරීමේ විශේෂ වැඩමුළුවක් 2019 දෙසැම්බර් 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
19 Dec 2019
කිලෝග්‍රෑම් 2.5 කට ආසන්න කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 18 වන දින කයිට්ස්, අල්ලප්පිඩි ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.
19 Dec 2019
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

පුත්තලම, තිලයාඩියාගම ප්‍රදේශයේ 2019 දෙසැම්බර් 18 වන දින සිදුකල වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.
19 Dec 2019
ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (2019 දෙසැම්බර් 19) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු වීය.
19 Dec 2019
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් අද (2019 දෙසැම්බර් 18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
18 Dec 2019
මානුෂීය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ පුද්ගල නාශක බෝම්බයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් කල්කුඩා, වාලච්චේන ප්‍රදේශයේ 2019 දෙසැම්බර් 18 වන දින සිදු කළ පා මුර සංචාරයක් අතරතුර පුද්ගල නාශක බෝම්බයක් සොයා ගෙන ඇති අතර, අදාල බෝම්බය ආරක්‍ෂිතව නාවික හමුදා බාරයේ තබා ඇත.
18 Dec 2019
සාගරය හරහා සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට නාවික හමුදා මෙහෙයුම්

නාවික හමුදාව විසින් අද (දෙසැම්බර් 18) මයිලඩි සහ වැල්වැටිතුරෙයි අතර මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
18 Dec 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 18 වන දින හික්කඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.
18 Dec 2019
ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු සයිඩ් මක්සුමුල් හකීම් 2019 දෙසැම්බර් 18 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.
18 Dec 2019