කිලෝග්‍රෑම් 2.5 කට ආසන්න කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 18 වන දින කයිට්ස්, අල්ලප්පිඩි ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද තවත් වැටලීමක් නාවික හමුදාව සහ පොලීසිය එක්ව කයිට්ස්, අල්ලප්පිඩි ප්‍රදේශයේදී ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, සිදු කල වැටලීමේදී යතුරු පැදියකින් ගමන්ගත් සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු (02) පරික්‍ෂාවට ලක් කර, ඔවුන් ලග තිබී ‍කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.5 ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පසුව මෙම පුද්ගලයින් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

මෙම කේරළ ගංජා තොගය අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, අත් අඩංගුවට ගත් පුද්ගලයින් 24 වන වියෙහි පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ‍ඇත. යතුරු පැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කයිට්ස්, පොලිසිය විසින් සිදු කරනු ලබයි.