හක් බෙල්ලන් 658 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ සින්නකුඩිඉරිප්පු පොලිසිය එක්ව 2019 ඔක්තෝම්බර් 01 වන දින කල්පිටිය, සින්නකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හක් බෙල්ලන් 658 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

02 Oct 2019

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 3.9 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව සහ මනල්කාඩු, පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2019 ඔක්තෝම්බර් 01 වන දින නගර් කෝවිල් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.9 ක් සොයා ගෙන ඇත.

02 Oct 2019

ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක දකුණු නාවික විධානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක අද (ඔක්තෝබර් 01) වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

01 Oct 2019

ශිල්ප සේනා ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද “ ශිල්පසේනා ප්‍රදර්ශණය - ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය” 2019 වැඩ සටහන 2019 සැප්තැම්බර් මස 25 වන දින සිට 29 වන දින දක්වා පොලොන්නරුව, කදුරුවෙල ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වු අතර, එම ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා ප්‍රදර්ශණ කුටියක් එක් කොට තිබිණි.

01 Oct 2019

තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝම්බර් 01) වන දින ත්‍රිකුණාමලය, සිනම්වේලි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

01 Oct 2019

පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු පොපි මල නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත අද (2019 ඔක්තෝම්බර් 01) ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි විසින් ප්‍රදානය කරන ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම්, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ෂේමාල් ප්‍රනාන්දු ද සහභාගි විය.

01 Oct 2019

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් දෙකක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් 2019 සැප්තැම්බර් 30 වන දින ක්‍රියාත්මක කරන ලදි.

01 Oct 2019