කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 3.9 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව සහ මනල්කාඩු, පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2019 ඔක්තෝම්බර් 01 වන දින නගර් කෝවිල් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.9 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව සිදු කළ සෝදිසි කීරිමකදී සැක කටයුතු පාර්සලයක් නිරීක්‍ෂණය කර ඇති අතර, එය පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙම කේරළ ගංජා ප්‍රමාණය හමුවී ඇත.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා‍ ප්‍රමාණය අතහැර දමා සැකකරුවන් පළා ගොස් ඇති බවට සැක කරන අතර, සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව,පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.