අතිගරු ජනාධිපතිතුමන් විසින් නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ.
 

අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත් කර ඇත.

19 Aug 2017

හම්බන්තොට නාවික අනුඛණ්ඩයෙහි පරිපාලන ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ.
 

හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති නාවික හමුදා අනුඛණ්ඩයේ අභිනවයෙන් ඉදි කරන ලද පරිපාලන ගොඩනැගිල්ල අද (2017 අගෝස්තු 19) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි.

19 Aug 2017

අතිගරු ජනාධිපතිතුමන් අතින් නව නාවික හමුදාධිපති පත්විම් ලබයි
 

රියර් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාපතිවරයා ලෙස අති ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අද (2017 අගෝස්තු 18) පත් කරන ලදී.

18 Aug 2017

‘නාවික ජර්නලය’ (Navy Journal) සිව්වන කලාපය එළිදකී
 

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික ජර්නලය’ (Navy Journal) සිව්වන කලාපයේ පළමු පිටපත එහි ප්‍රධාන කතෘ කොමදෝරු රෝහිත පෙරේ‍රා මහතා විසින් අද (2017 අගෝස්තු 18) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන් විය.

18 Aug 2017

නාවික හමුදා කථික තරඟාවලිය 2017
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන නාවික හමුදා කථික තරඟාවලිය 2017 අද ( 2017 අගෝස්තු 18) නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

18 Aug 2017

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි
 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද ( 2017 අගෝස්තු, 17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

17 Aug 2017

නාවික සැලසුම්කරණ අධ්‍යක්ෂ කාර්යාංශයේ නව කාර්යාලය සංකීර්ණය සඳහා මුල්ගල තැබේ.
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ස්ථාපිත කරන ලද නාවික සැලසුම්කරණ අධ්‍යක්ෂ කාර්යාංශයේ කාර්යාලය සංකිර්ණය ඉදිකිරීම සඳහා ‍මුල්ගල තැබිම ඊයේ (2017 අගෝස්තු 16) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, කොමදෝරු රවින්ද්‍ර රණසිංහ මහතා අතින් සිදුවිය.

17 Aug 2017

නුවරඑළිය ග්‍රෙගරි වැවේදි අනතුරට පත් කාන්තාවන්දෙදෙනෙකු(02) බේරා ගනි.
 

නුවරඑළිය, ග්‍රෙගරි වැ‍වේහි ජේට් ස්කයි (Jet Ski) බෝට්ටුවක්පදවමින් සිටියදි අනතුරට පත් කාන්තාවන් දෙදෙනෙකු දියේ ගිලෙමින් සිටියදි නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අයත් නාවිකයින් පිරිසක් විසින් අද (2017 අගෝස්තු 17) සවස බේරා ගැනීමට සමත් වී ඇත.

17 Aug 2017

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අගෝස්තු 16) පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 7.5 ක් පමණ උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

16 Aug 2017

නීති වි‍‍‍‍‍‍‍රෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (2017 අගෝස්තු 16) මුතුර්, පුන්නයාඩි මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

16 Aug 2017