නුවරඑළිය ග්‍රෙගරි වැවේදි අනතුරට පත් කාන්තාවන්දෙදෙනෙකු(02) බේරා ගනි.
 

නුවරඑළිය, ග්‍රෙගරි වැ‍වේහි ජේට් ස්කයි (Jet Ski) බෝට්ටුවක්පදවමින් සිටියදි අනතුරට පත් කාන්තාවන් දෙදෙනෙකු දියේ ගිලෙමින් සිටියදි නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අයත් නාවිකයින් පිරිසක් විසින් අද (2017 අගෝස්තු 17) සවස බේරා ගැනීමට සමත් වී ඇත.

යාපනය සහ වව්නියාව ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් වන මොහුන් දැනට ලන්ඩනයේ පදිංචිව සිටි. ශ්‍රී ලංකා‍වේ සංචාරයක නිරතවන අතරතුරදි ග්‍රෙගරි වැවේහි පදවමින් සිටි බෝට්ටුව පාලනය කිරීමට නොහැකිව පෙරලී මෙම අනතුරට පත්ව ඇත. මෙම අනතුර නාවික හමුදාවට වාර්තා විමත් සමඟම වහා ක්‍රියාත්මක වු නාවික හමුදා ජිවිතාරක්ෂක කණ්ඩායම ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනිමට කටයුතු කරන ලදි.