විපතට පත් ඉන්දීය ධීවරයන් බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි
 

බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් වන පී 417 සහ පී 474 ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අගෝස්තු මස 08 වන දින එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් අනතුරට ලක් වී ශ්‍රී ලංකාවට අයත් බටහිර මුහුදු සීමාවේ පාවෙමින් තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයන් 4 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.

09 Aug 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (8) ඉරන්කේනි වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

09 Aug 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට
 

අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධිවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (9) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

09 Aug 2016

පාකිස්තානු ගුවන් හමුදාධිපති ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
 

පාකිස්තානු ගුවන් හමුදාධිපති, එයාර් චීෆ් මාෂල් සොහෙල් අමාන් මහතා අද (8) නාවික හමුදා මූලස්ථානයේ චාරිකාවාරයක නිරත වූ අතර, නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

08 Aug 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් කුච්චවේලි, ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (7) කුච්චවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

08 Aug 2016

නාවික හමුදාධිපතිතුමා උතුරු නාවික විධානයේ චාරිකාවක නිරත වෙයි
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (6) උතුරු නාවික විධානයේ නිරික්ෂණ චාරිකාවක නිරතවිය.

07 Aug 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

07 Aug 2016

226 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 289 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 226 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 289 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව හදාරා අද (6) විසිර යන ලදී.

06 Aug 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 14 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (5) නාවික හමුදාව සමත්විය.

06 Aug 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (5) සාම්පූර් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

05 Aug 2016