නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (5) සාම්පූර් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එහිදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් ධීවර යාත්‍රා 3 ක් සහ තහනම් දැල් 3 ක් අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.