ශ්‍රී ලංකා නාවික හමුදා නාවිකයින් සිව්දෙනෙකු (04) මුලික ගුවන් යානා එන්ජින් පාඨමාලාව සාර්ථකව නිමා කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු ශිල්පය සම්බන්ධ ප්‍රධාන පාඨමාලාවක් ලෙස සැලකෙන මූලික ගුවන් යානා එන්ජින් පාඨමාලාව (Aero Engine Basic Course) සඳහා ප්‍රථම වරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු අංශයේ නාවිකයින් සිව්දෙනෙකු (04) සහභාගී විය.

09 Apr 2019

ඉන්දිය ආරක්ෂක ලේකම් ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වයි

ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය ආරක්‍ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා අද (අප්‍රේල් 09) උදෑසන, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීය.

09 Apr 2019

වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාවේ දායකත්වය

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය සැපයිමට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් කටයුතු කරන ලදී.

09 Apr 2019

ප්‍රීතිපුර, ළදරු නිවාසයේ දරුවන්ගේ සුවදුක් විමසිමට නාවික හමුදා සාමාජිකයින් එක්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ අභිමානවත් 14 වන සංවත්සරය එළඹෙන අප්‍රේල් 21 වන දිනට යෙදී ඇති අතර, එය නිමිති කර ගනිමින් එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඩෙමියන් ප්‍රනාන්දු ඇතුළු නැව් මුළුව විසින් ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

09 Apr 2019

නීති විරෝධී මත්පැන් ලිටර් 420 ක් නාවික හමුදාව භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ වාකරේ, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද (අප්‍රේල් 08) පනිච්චන් කර්නි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දේශිය ‍මත්පැන් ලිටර් 420 ක් (බැරල් 02) සෙයා ගැනීමට සමත්ව ඇති අතර, නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු වාකරේ, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

08 Apr 2019

හෙරොයින් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ත්‍රිකුණාමලය, දුෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් එක්ව අද (අප්‍රේල් 08) මරතඩි හන්දිය සහ තලෙයිනගර් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි හෙරොයින් මිලි ග්‍රෑම් 161 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

08 Apr 2019

අවසරපත් නොමැතිව වැලි ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කින්නියා පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද (අප්‍රේල් 08) කින්නියා, මයිලප්පන්චේනේ ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 Apr 2019

ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ඒකක ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා‍වේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ඒකක ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් පොඩාලි ශංකර් රාජේශ්වර් අද (අප්‍රේල් 08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.

08 Apr 2019

‘Jet Ski Championship - Navy Cup 2019’ ඉතා උත්කර්ෂවත් අයුරින් නිමා වේ

නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් හයවන වරටත් සංවිධානය කරනු ලැබු ‘Jet Ski Championship - Navy Cup 2019’ පසුගිය අප්‍රේල් 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

08 Apr 2019

ඉන්දියානු නාවික නෞකා ‘කෝරා දිව්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ත්‍රිකුණාමලය වරායට ඊයේ (අප්‍රේල් 07) සේන්දු වූ ඉන්දියානු නාවික නෞකා ‘කෝරා දිව්’ නෞකාව අද (අප්‍රේල් 08) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය.

08 Apr 2019