නීති විරෝධී මත්පැන් ලිටර් 420 ක් නාවික හමුදාව භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ වාකරේ, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද (අප්‍රේල් 08) පනිච්චන් කර්නි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දේශිය ‍මත්පැන් ලිටර් 420 ක් (බැරල් 02) සෙයා ගැනීමට සමත්ව ඇති අතර, නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු වාකරේ, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

තවද, පසුගිය අප්‍රේල් 06 වන දින එම ප්‍රදේශයේම සිදු කළ වැටලීමකදී නීති විරෝධී දේශිය ‍මත්පැන් ලිටර් 210 ක් සමඟ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.