ඉන්දිය ආරක්ෂක ලේකම් ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය ආරක්‍ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා අද (අප්‍රේල් 09) උදෑසන, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා‍වේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ඒකක ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් පොඩාලි ශංකර් රාජේශ්වර්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් සූජිව පෙරේරා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සහ ඉන්දිය හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.