නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ‍රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 670 ක් සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සෙරක්කුලිය වෙරළ තීරයේ 2021 මාර්තු 06 වන දින සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 670 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Mar 2021

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 2217 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 මාර්තු 04 සහ අද අළුයම (2021 මාර්තු 05) සිලාවතුර, මනල්කුලම් සහ නොරොච්චෝලේ, පුලච්චේන යන ප්‍රදේශයන්හි සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 2217 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 07ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Mar 2021

රුපියල් මිලියන 06 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04ක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 මිලිග්‍රෑම් 21 ක් සමඟ සැකකරුවන් 04 ක් 2021 මාර්තු 03 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Mar 2021

කේරළ ගංජා කිලෝ 18 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ 2021 මාර්තු 01 වන දින සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 18 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

02 Mar 2021

නාවික හමුදාව මගින් ආපදාවට පත් ධීවර යාත්‍රාවක් නිරුපද්‍රිතව බේරාගැනේ

මන්නාරම සවුත්බාර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) කොළඹ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත නිරුපද්‍රිතව මුදවාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2021 පෙබරවාරි 27) කටයුතු කරන ලදී.

27 Feb 2021

නාවික හමුදා සහයෙන් වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවකු නීතියේ රැහැනට

නාවික හමුදාව හා පොලීසිය එක්ව 2021 පෙබරවාරි 24 වන දින ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අළෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍යක් වන වෝටර්ජෙල් සහ සේවා නූල් සමඟ සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

25 Feb 2021

කේරළ ගංජා කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සහ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කල වියලි කහ කිලෝ 400 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව මන්නාරම කාර්සල් ප්‍රදේශයේ සහ තාවුල්පාඩු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 පෙබරවාරි 16 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් (01) සහ නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 400කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Feb 2021

කේරළ ගංජා කිලෝ 16 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 03 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය උඩුත්තුරෙයි සහ මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයන්හී 2021 පෙබරවාරි මස 15 වන දින සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුම් මගින් කිලෝග්‍රෑම් 16 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

16 Feb 2021

නාවික හමුදාව සිදු කල මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු සිදු කල පුද්ගලයින් 179 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජනවාරි මස 01 වන දින සිට පෙබරවාරි මස 15 වන දින දක්වා බටහිර, නැගෙනහිර, උතුර, වයඹ, උතුරුමැද සහ දකුණු, නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 179 ක්, ධීවර යාත්‍රා 42, ලොරි රථයක් සහ ත්‍රීරෝධ රථයක් ඇතුළු ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

15 Feb 2021

මන්නාරම මාන්තේ වෙරළ තීරයට ආසන්න ලඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 67කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම මාන්තේ ප්‍රදේශයේ 2021 ජනවාරි මස 29 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී කිලෝ 67 ග්‍රෑම් 500 ක පමණ කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි

30 Jan 2021