පොලිස්පතිතුමා නව නාවික හමුදාධිපතිතුමන් සාදරයෙන් පිළිගනියි

20 වන නාවික හමුදාධිපති වශයෙන් රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායික වශයෙන් සිදු කෙරෙන නිල හමුව සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (24) දින පොලිස් මූලස්ථානයේදී පොලිස්පති එන්කේ ඉලංගකෝන් මහතා හමුවිය.

24 Aug 2015

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ

මේජර් ජෙනරාල් ආර්පීඑස් බහදූරියා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් අද (24) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

24 Aug 2015

ජනපතිතුමා ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත වේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) උදෑසන ත්‍රිකුණාමළය නාවික කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

24 Aug 2015

ශ්‍රී ලංකාවේ ජපන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කපිතාන් මොටොට්සුගු ශිගෙකාවා මහතා අද දින (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

19 Aug 2015

2015 හොඳම වෙබ් අඩවි තරඟාවලියේ කුසලතා සම්මානය නාවික හමුදාවට

එල්කේ වසම් ලේඛාධිකාරය (LK DOMAIN REGISTRY) මඟින් වාර්ෂිකව පවත්වනු ලබන, ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි අතුරින් හොඳම වෙබ් අඩවිය තේරීම සදහා වූ තරඟාවලියේ, 2015 වර්ෂ‍යේ සම්මාන ප්‍රධානෝත්සවය 2015 අගෝස්තු මස 13 වන දින කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණ.

17 Aug 2015

අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා සාගරික කටයුතු පිළිබද ජනාධිපති උපදේශක ලෙස වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2015 අගෝස්තු මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සාගරික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා පත් කර ඇත.

17 Aug 2015

222 වන බඳවාගැනීමට අයත් නාවිකයන් 387 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 222 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 387 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට විසිරයාමේ පෙළපාලිය පූනෑවේ පිහිටි ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී 2015 අ‌ගෝස්තු මස 15 වන දින පැවැත්විණි.

16 Aug 2015

ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර විසින් රචිත ˝ගෝණපුර අසිරිය˝ නම් කෘතිය නාවික හමුදාධිපතිතුමාහට පිළිගැන්වේ

ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර විසින් ත්‍රිකුණා‍මලය දිස්ත්‍රික්කයේ ‍ඓතිහාසික ස්ථාන අලලා රචිත ˝ගෝණපුර අසිරිය˝ නමැති පර්යේෂණාත්මක කෘතියේ මුල් පිටපත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත අද දින (14) නාවික හමුදා මූලස්ථානයේදී පිළිගන්වන ලදී.

14 Aug 2015

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවන් අද (14) අළුයම ත්‍රිකුණාමලය කොනේෂ්වරම් මුහුදු ප්‍රදේශයේ හැඹිලි දැල් භාවිතා කරමින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 17 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සමත් විය.

14 Aug 2015

නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රිමියර් ක්‍රිකට් ශූරතාවය දිනා ගනියි

2015 ශ්‍රී ලංකා කාන්තා ප්‍රීමියර් ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය නාවික හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර 2015 අගෝස්තු මස 13 වන දින කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වූ අතර, ඉන් නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

14 Aug 2015