ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට වයඹ දෙසින් සහ ඩෙල්ෆ්ට් දූපතට උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) අත්අඩංගුවට ගන්නා ලදී.

05 Jan 2016

සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදා නාවික හමුදා රග්බි පිල ජය ලබයි
 

නාවික හමුදා රග්බි පිල හා සීආර් ඇන්ඩ් එෆ්සී පිල අතර අද (02) කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟයේ පළමු වටයෙන් 21-20ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත්විය.

02 Jan 2016

දිනාගත් සාමය ආරක්ෂා කරගැනීමට සහ ජාතිය ගොඩනැගීම සඳහා කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි

2016 වර්ෂයේ වැඩකටයුතු සුභ නැකතින් ආරම්භ කිරීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

01 Jan 2016

මුතුරාජවෙල තෙල් කාන්දුවීම වැළැක්වීමට නාවික හමුදාව සහාය වෙයි
 

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන ඉන්ධන නලයක් භූමිතෙල් යොදාගෙන පිරිසිදු කිරීමට යාමේදී ඊයේ (31) උදෑසන සිදුවූ තෙල් කාන්දුවීමක් හේතුවෙන් දික්ඕවිට තල්දිය වත්ත කලපු ප්‍රදේශයේ සිදුවීමට ගිය විශාල පාරිසරික හානිය අවම කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකිවිය.

01 Jan 2016

නාවික හමුදාව දරුණු ලෙස තුවාළ ලද ධීවරයකු කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘අයෝධ්‍යා’ නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි දරුණු ලෙස තුවාළ ලැබූ ධීවරයකු අද (31) උදෑසන කඩිනම් ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

31 Dec 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් විසි නවදෙනෙකු අත්අඩංගුවට ගැනේ

කෝකිලායි ප්‍රදේශයට ඊසාන දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් විසි නව දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (29) අත්අඩංගුවට ගන්නා ලදී.

31 Dec 2015

නාවික හමුදා සිවිල් සේවා සාමාජිකයින් නාවික හමුදාධිපතිතුමාට උපහාර දක්වයි

නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කරන සිවිල් සේවක මහත්ම මහත්මීන් විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට උපහාර පිදීමේ උත්සවයක් අද (30) ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

30 Dec 2015

නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගැනීමට දෙසැම්බර් මස 28 සහ 29 යන දිනයන්හි සමත්විය.

30 Dec 2015

රණවිරු පවුල් සඳහා වූ වාර්ෂික සුහද හමුව ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේදී පැවැත්වෙයි

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුවක් දෙසැම්බර් මස 23 වන දින පානම ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේදී පැවැත්විණ.

30 Dec 2015

ශ්‍රී ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 5 දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් සහ ලයිලා දැලක් ඊයේ (28) දහවල් කුදිරමලෙයි තුඩුව සහ පූක්කුලම් අතර මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

29 Dec 2015