නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගැනීමට දෙසැම්බර් මස 28 සහ 29 යන දිනයන්හි සමත්විය. 28 වන දින දහවල් අරිප්පු මුහුදු තීරයේදී ඩිංගි යාත්‍රාවක් සහ සුරුක්කු දැලක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, 29 වන දින දහවල් එම මුහුදු තීරයේදීම ඩිංගි යාත්‍රාවක්, සුරුක්කු දැලක් සහ අතංගු දැලක් සමග තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.