සැපයුම්, භාණ්ඩ හා සේවා සම්මන්ත්‍රණයක් ප්‍රථම වරට ත්‍රිකුණාමළයේදී පවත්වයි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ 2016 සැපයුම් හා භාණ්ඩ සේවා පිළිබඳ සම්මන්ත්‍රණය ත්‍රිකුණාමළය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී අද (26) පැවැත්විණි.

26 Feb 2016

9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා නාවික හමුදාවේ සහාය
 
 

මිත්‍රත්වය හා අවබෝධය යන තේමාව යටතේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන ලද 9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය පෙබරවාරි මස 26 වන දින යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත් විය.

26 Feb 2016

චීන නාවික හමුදාවේ 865 නෞකාව කොළඹ වරායට පැමිණේ
 
 

චීන නාවික හමුදාවේ 865 නෞකාව අද (26) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

26 Feb 2016

මාලදිවයින් වෙරළාරක්ෂක බළකායේ "හුරාවී" නෞකාව කොළඹ වරායට පැමිණේ
 
 

මාලදිවයින් වෙරළාරක්ෂක බළකායේ හුරාවී නෞකාව අද (26) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

26 Feb 2016

12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී දස්කම් දැක්වූ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ
 
 

පෙබරවාරි මස 5 වන දින සිට 16 වන දින දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි රටවල් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වුනු 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කර තම මාතෘ භූමියට ගෞරවයක් අත්කර දුන් නාවික හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපතිතුමාගේ ඇගයීමට ලක් කෙරිණි.

25 Feb 2016

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත නවසීලන්ත අග්‍රාමාත්‍යතුමා හට නාවික හමුදාවේ ප්‍රභූ උත්තමාචාර
 
 

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍ය අතිගරු ජෝන් කී මහතා හට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (24) නාවික හමුදාව විසින් නිලධාරීන් 3 දෙනෙකුගෙන් සහ නාවිකයන් 79 දෙනෙකුගෙන් සැදුම්ලත් සම්මාන මුරයකින් උත්තමාචාරයක් පිරිනමන ලදී.

24 Feb 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 12 දෙනෙකු ඊයේ (23) ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.

24 Feb 2016

ඉන්දියානු නාවික හමුදාවේ යුධ නෞකා නිෂ්පාදන හා අත්පත්කර ගැනීම් පරිපාලන නිලධාරී නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ඉන්දීය නාවික හමුදාවේ යුධ නෞකා නිෂ්පාදන හා අත්පත්කර ගැනීමේ පරිපාලන නිලධාරී වයිස් අද්මිරාල් ජී.එස්. පබ්බි මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

23 Feb 2016

නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු බේරා ගනිති

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (22) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

23 Feb 2016

ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 50 ක් සමග පුද්ගලයන් දෙනෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 
 

උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 50 ක බරකින් යුත් ජෙලට්නයිට් කූරු 500 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

23 Feb 2016