කේරළ ගංජා කිලෝග්‍රෑම් 33 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් කයිට්ස් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා කන්චදේව ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (20) අයියකච්චි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 33 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
20 Aug 2016
ආපදාවට පත්ව තිබූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 5 දෙනෙකු ගේ දිවි බේරා ගැනේ
සාගරික මුදවා ගැනිමේ සම්බන්ධිකරණ මධ්‍යස්ථානයෙන් ලද තොරතුරකට අනුව පැනමා රාජ්‍යයට අයත් වෙළද නෞකාවක් වන “MV ඉටනිටි” නෞකාව මගින් අගොස්තු 18 වන දින කුඩා රාවණා ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 168 ක් දුරින් අනතුරට පත්ව සිටි ශ්‍රි ලංකා ධිවරයින් 5 දෙනෙකු බේරා ගන්නා ලදි.
20 Aug 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 101 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරෙයි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝණයට අයත් නාවිකයන් පිරිසක් විසින් අද (20) මානල්කාඩු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 101 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
20 Aug 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත් වන්කාලේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ නාවික පිරිසක්ගේ ද සහය ඇතිව ඊයේ (19) මුන්ඩරන්පුඩ්ඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
20 Aug 2016
ඉන්දීය වෙරළ ආරක්ෂක බලකා අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දීය වෙරළ ආරක්ෂක බලකා අධ්‍යක්ෂ ජෙනරාල්, රාජේන්ද්‍ර සිං මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේ චාරිකා වාරයක නිරත වූ අතර, නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
19 Aug 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් කයිට්ස් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා කන්චදේව සහ මණ්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන යන ආයතන වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී ඊයේ (18) තිරුනාල්වේලී ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
19 Aug 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 26 .75 ක් නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි හි රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සිදු කරන ලද සෝදිසි කිරීමක දී චැම්පියන්පත්තු ප්‍රදේශයේදී අතහැර දමා ගිය, ඇසුරුම් 13 ක බහා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 26.75 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
18 Aug 2016
ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “සමාර්ත්” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් “සමාර්ත්” නෞකාව අද (18) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
18 Aug 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) මරිච්චුකඩ්ඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
18 Aug 2016
ප්‍රථම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතාවට ප්‍රදානය කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය හම්බේගමුව ප්‍රදේශයේ වෙසෙන පවුල් 3000 ක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් ඊයේ (16) යොදවන ලදී.
18 Aug 2016



